Saturday, June 26, 2010

බබාගෙ කෝච්චිය... :D

මේ කතාව මම ගිය සතියෙ ඇත්තට දැකපු සිදුවීමක්... මේක වුනේ මමයි, මගේ ආදරණීය සොයුරිය හෙවත් ජබොස් සීනියර් එක්ක හිම කිරම කන්න ගිහින්... 





ඔන්න ඉතින් අපි හිම කිරම ගන්න හිතාගෙන කවුන්ටර් එකේ පොලිමේ ඉන්නවා... ඔතන එහා පැත්තෙ තියෙනවා පොඩි එවුන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් කෝච්චි, වාහන අනම් මනම් ගොඩක්... ඒවා හරිම ලස්සනයි, දක්කම ආස හිතෙනවා... ඔන්න එක කෝච්චියක නැගලා ඒක පැද පැද හිටියා හරිම ස්වීට් චුටි බබෙක්... සෙන්ටි මීටර් 10ක් විතර දිග චුචි කොට කලිසමකුත් ඇඳගෙන සුදුම සුදු චීස් බෝලයක් වගේ... එයාගෙ අම්මයි තාත්තයිත් හිටියා ළඟම ලොකු කතාවක් දාගෙන... බොහොම තරුණ ලස්සන කපල් එකක්... (ඒක වෙන්න ඇති බබා ඔච්චර ලස්සන වුනේ!)

ඔන්න ටිකකින් අර බබා කෝච්චියෙන් බැහැලා ආව අම්මයි, තාත්තයි ගාවට... ඇවිත් කිව්වා, "අම්මි, අපි අලක ගෙදල ගෙලියමූ..." අම්මා ඇස් දෙක ලොකු කරලා කෝච්චිය දිහා බලලා කිව්වා "අනේ පැටියෝ ඒක මහ ලොකු මැෂින් එකක් නේ..., ඒව විකුණන්නෙ නෑ..." කියලා... පොඩි එකාට මාර අප්සට්... ආයෙම ගිහින් කෝච්චියට නැග්ගා... තව ටිකක් පැදලා ආයෙම ආව මූණ නරක් කරගෙන... "තාත්තී, අලේ අපි අලක ගෙදල ගෙලියමුකෝ..." දැන් මිනිහා අඬන්න ඔන්න මෙන්න... අම්මා ආයෙම අරක කියන්න කට හැදුව විතරයි තාත්තා අම්මව නැවැත්තුවා... 

සාක්කුවෙන් පර්ස් එක ඇදලා ගත්තා... පොඩි එකාගෙ හුරතල් කතාව නිසා මෙයාල දිහා හැමෝම බලාගෙන හිටියෙ... හැමෝම බයවෙලා වගේ බැලුවා තාත්තා පර්ස් එක ගන්නකොට... ඊට පස්සෙ ඒකෙන් ඇදල ගත්තා රුපියල් 20 කොලයක්... දීල බබාට කිව්වා "චුටි පුතා, ඔන්න තාත්ති සල්ලි දුන්නා, අර කවුන්ටර් එකේ ඉන්න ආන්ටිට සල්ලි දීලා ඕක ගන්න" කියලා... පොඩි එකාට මාර සතුටුයි... ලොකු හිනාවකුත් දාගෙන කවුන්ටර් එකට ගියා... තාත්තටත් හිනා... ගිහින් අමාරුවෙන් ඉස්සිලා වටේ පිටේ අයගෙත් උදව්වෙන් අමාරුවෙන් කවුන්ටර් එකෙ එල්ලිලා අර රුපියල් 20 දික් කරලා "ආන්ටී, මට අලක දෙන්න..." කියලා අර දඩාර සයිස් කෝච්චිය ඉල්ලුවා... 


    ඒ ගෑණු ළමයා මුලින් බය වුණා, වැඩේ තේරුනාම හිනා ගියා... එයා බබාට කිව්වා... "පැටියෝ... ඕක ලොකු වැඩියිනේ... ගෙනියනකොට කැඩෙනවා... තාත්තිට කියලා වෙන කඩේකින් පොඩි එකක් ගන්න....."     පොඩි එකාට අලුත් ප්‍රශ්නයක්... දුවගෙන ගිහින් තාත්තට රිපොර්ට් කලා "තාත්තී, අල ආන්ටි කියලවා මේක කැඩෙලවා කියලා තූති එකක් ගල්ලලූ..." තාත්තත් කිව්වා "ඔව් පැටියො, මේ පරණ එකක් නේ... අපි වෙන තැනකින් අලුත් එකක් ගමු..." කියලා... පොඩි එකාට මාර සැටිස්... පැත්තකින් වාඩි වෙලා අම්මගෙ අයිස් ක්‍රීම් එකට වැඩේ දෙන්න පටන් ගත්තා...

තාත්තා හිනා වෙලා වටේ හිටපු අයට කිව්වා "තාම ගොඩක් පුංචියි නෙ... මෙතනින් එලියට බැස්සම එයාට කෝච්චියක් තිබ්බද කියලවත් මතක නෑ.." කියලා... ටිකකින් තුන් දෙනාම කාල බීල ගියා... ටිකක් වෙලා යනකන් හැමෝම කතා වුනේ ඒ තාත්තගෙ නුවණ ගැන... ඒ වෙලාවෙ එයත් කෑ ගැහුවනම් පොඩි එකාට ඕක ගන්න බෑ කියලා, පොඩි එකාට තාත්තයි අම්මයි එක්කත් තරහ යනවා, මූඩ් එකත් අප්සට් යනවා... ඒ වෙනුවට ඒක ගන්න බෑ කියන එක එයාටම තේරුම් ගන්න ඉඩ සළස්වපු එකත්, අම්මයි තාත්තයි එක අරන් දෙන්න ට්‍රයි කරත් ඕන හැම දේම ගන්න බෑ කියන එකත් එයාටම තෙරුම් ගන්න සළස්වපු එක බොහොම වටිනවා... මෙ පුන්චි වයසට ඕක නොතේරුණත් ටික ටික ලොකු වෙද්දි එයාගෙ මනසට ඕව කා වදියි...

 එක දෙයක් නම් පැහැදිලියි... කවදාහරි දවසක එයා එයාගෙ තාත්ත ගැන ආඩම්බර වෙයි...



3 comments:

  1. ආදර්ශමත් කතාවක්......අන්න එහෙමයි ඉන්න් ඕනේ...

    ReplyDelete
  2. අනේ ශොයි..මමත් ඒ වගේ හුරතල් බබාලට හරි ආසයි..

    ReplyDelete
  3. මට ඒ වගේ තාත්තා කෙනෙක් වෙන්න ආසයි

    ReplyDelete