Friday, June 25, 2010

පිස්සංගේ පිස්සු විකාර - 04

ජබොස් නංගියා ඊයේ කතාව "සස්සනට" දාල නොවෑ!

ඔන්න හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා අදත් බොස්ගෙන් පිස්සු කතාවක්.කතාවක් කිව්ව්ට කලින් කතාවෙම ඉතුරු කොටස හොඳේ!

මේක ගොම්බෙට්ටක්නේ ඕයි!!

- කමාකරත්වා!ඔය උඩින් දැම්මේ අද කතාවේ නම -


ඔන්න දැන් අර පිස්සො තුන්දෙනා වැටිච්ච තැනින් නැගිටලා බැළුවලු වටපිට.බයිසිකලේ "umbrella powder" ලු.( ඒ කිව්වේ "කුඩේ කුඩු" කියන එකයි හොඳේ )

හප්පපු බයිසිකල්කාරයෝ තුන්දෙනත් නවත්තන්නේ නැතුවම ගිහිල්ල.ඇයි ඉතින් හප්පපු හැප්පිල්ලට කවුද නවත්තල බලන්නේ දෙයියනේ!

මොනවා කරන්නද දැන්.තව බයිසිකලයක් හොයාගන්නව ඇරෙන්න!

ඔන්න තුන්දෙනා පයින් යන්න පටාං ගත්තලු ඉස්සාරහට.දැන් ඉතින් හඳත් හොඳටම පායලා.ඇයි ඉතින් පෝය දවසක්නේ!ඔහොම යනකොට තුන්දෙනාට හොඳටෝම බඩගිනි වුනාලු.ඒත් ඉතින් මහ රෑ මොනවා කියලා කන්නද!

ඔන්න ටිකක් ඉස්සරාට යනකොට තණකොල බිස්සක් උඩ තියෙනවලු ලොකූ , වටකුරු හරියට කේක් එකක් වගේ එකක්!මොකක්ද කියලා කියන්න ඕනි නෑනේ ඉතින්!

ඔව් ඔව් , හිතුවා හරි ......

ඒක ගොම්බෙට්ටක්!

ඔන්න එක පිස්සෙක් කිව්වලු අනිත් දෙන්නට ;

"අඩෝ!මෙන්න පුඩිමක්.කාල බලමුද?" කියලා!!!

අනිත් දෙන්න කිව්වලු "පිස්සුද බං!ඕක පුඩිමක් නෙවෙයි ,ගොම්බෙට්ටක් ඕයි" කියලා.

ඒත් අනිත් එකා විස්වාස කරන්නෙම නෑලු!

"හරි , උබල කියනවනේ මේක ගොම්බෙට්ටක් කියලා,මම කියන්නේ පුඩිමක් කියලා!අපි මෙකෙන් ටිකක් රහ බලලම තීරණය කරමු!" කියලා පොර කිව්වලු.

"උඹට ඕනිනං කාපන් , අපිට පිස්සුද ඔය ජරාව කන්න!" කියල අනිත් උන් දෙන්න කියනවලු.

"පොඩ්ඩක් හිටපන්කෝ!"

කියලා අර පුඩිං පිස්සා ඇඟිල්ලක් ඔබලා ගොම්බෙට්ටෙන් පොඩ්ඩක් අරගෙන කටේ දාගත්තලු!දාගෙන රහ බලලා මූන ටිකක් නරක් කරලා ඔලුව වැනුවලු.

"ම්..ම්....හරියටම කියන්න බෑ....පොඩ්ඩක් හිටපන් තව ටිකක් කාල බලන්න.." කියලා ආයෙමත් අර විදියටම ඇඟිල්ලක් ගොම්බෙට්ටට ගහලා කටේ දාගත්තලු!
අනික් උන් දෙන්න දැන් මූට හොඳටෝම බනිනවලු!

"පිස්සෝ,ඕක ගොම්බෙට්ටක්!පිස්සු කෙලින්නේ නැතුව වරෙන් යන්න..." කිය කියා.

ඒ වුණාට අර පුඩිමා වැඩේ අතෑරියෙම නෑ!පොඩ්ඩ පොඩ්ඩ කනවලු ,මේක පුඩිමක්ද , ගොම්බෙට්ටක්ද කියලා තීරණය කරන්න.

මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ රස බලලා,අන්තිමට මිනිහා මුලු ගොම්බෙට්ටම කාල ඉවරවෙලා , ඔලුව වනලා මෙහෙම කිව්වලු ;

"ඔව් බං!උඹල හරි වගේ.මාත් හිතන්නේ ඒක ගොම්බෙට්ටක් තමයි!"

 


මම යනවා දන්සැල් වඳින්න...අද හැමතැනම ෆන්!

අනේ මන්දා,මිනිස්සු පාරවල්වලට බැහැලා පොරකකා දන්සැල් ගානේ යනවා.හැබැයි පංසල්වලට යන්නේ බොහෝම සුළුදෙනයි![ඔන්න මමනං ගියා හොඳේ!( අම්මා සිල් ගත්තා,එක්කගෙන එන්නයි ගියේ )]

ජාතික ගීයටත් "සල්සා" නටන අපේ උන්දෑලට මේව මොනාද!!

සැ.යු. : ගොම්බෙට්ටක රූපයක් දැම්මේ නැත්තේ අප්‍රසන්න නිසායි.ඒ වෙනුවට මම "සස්සන" හලකෙක් හොයල දැම්ම ඕන්න!

4 comments:

  1. මේ බ්ලොග් එක Open වෙනකොට නම අහගෙන මතු වෙන textbox එක අයින් කරන්න බැරිද? ඒක කියවන්න එන අයට කරදරයක් වගේ මට හිතෙන්නෙ

    ReplyDelete
  2. පිස්සු කතාවක්නේ...

    ReplyDelete
  3. අර text box එක නම් අයින් කරමු. ඒම ඇත්තටම කරදරයක්. දිගටම පිස්සු කතා ලියාගෙන යන්න.

    ReplyDelete