Saturday, June 26, 2010

හීනෙන් බ්රූම්.......... ;)

ඔන්න ජබොස් නංගි අද පිස්සො ගැන කතාව චුට්ටකට නවත්තලා, හීන ගැන කතාවක් කියන්නයි යන්නෙ... මේක මටම වෙච්ච් අතිශයින්ම සත්‍ය කතාවක්...

හීන දැකීමේ විශාරද කෙනෙක් විඩියට ජබොස් නංගියාව (ඒ කිව්වෙ මාව) හැඳින්නුවත් ලොකු වැරැද්දක් නෑ! මොකද උදේ, දවල්,  රෑ   ඕනෙ වෙලාවක යන්තම් ඇහැ පියවුනොත් හීන වැලක්ම බලලා තමයි ඇහැරෙන්නේ...

සමහරු ඉන්නව ආසාවටවත් රෑට හීන දකින්නෙ නැති... එයාල කියනවා හීන දැක දැක නිදාගත්තම ඒක සම්පූර්ණ නින්දක් නෙවෙයිලු! කොහොම වුනත් ලස්සන හීනයක් බලලා ඇහැරුනාම තියෙන ෆන් එක දන්නෙ බලන කෙනාම තමයි! ලොල්!

අපි ගොඩක් වෙලාවට හීනෙන් දකින්නෙ දවල් තිස්සෙම හිත හිතා ඉන්න දේවල්නෙ... ඒව යටි හිතේ තැන්පත් වුනාම රෑට හීනෙන් පේනවා... මට වෙච්ච මේ වැඩෙත් ඔය වගේ එකක් තමයි...

ඔන්න මමයි, බොස් අය්යයි රියදුරු බලපත්‍රය ගන්න පුහුණුවීම් වලට ගියෙ එකට... (අනාගතේ කවද හරි දවසක දුර ගමන් යනකොට මාරුවෙන් මාරුවට ඩ්‍රයිව් කරන්න දෙන්නටම ඩ්‍රයිවින් පුළුවන් වුනාම ලේසියිනේ!!! හිහ් හිහ්!) ඒ දවස් වල හැමදාම දෙන්නත් එක්ක එකට යනවා... බොස් අය්යාට ඉතින් යන යන තැන යාලුවො පිරෙනවනෙ.. ඒක නිසා එතනත් එකට සෙට් වුනු යාලුවො ටික, අපි පරක්කු වුනත් එක ලඟ සීට් දෙකක් තියල තියනවා... ඒක නිසා ඉතින් ඒ පැය දෙක තුන මාර ෆන්... 

පුහුණුවීම් වලට තමන්ගෙ වාරෙ ආවම රියදුරු අසුනට නැගල ඉගිලෙන්න හදනවා... (ඉක්මනට ආයෙ සුපුරුදු අසුනට සෙට් වෙන්න ඔනෙනෙ) ඕක නිසාම ඒ දවස් වල හරි ප්‍රසිද්ධයි හරිම වේගෙන් ඩ්‍රයිව් කරන දෙන්නෙක් හැටියට... ඒ වුණාට ඔය සෙල්ලම් හරි යන්නෙ නෑනෙ ට්‍රයල් දවසට... එදාට හිමින් ගිහින්, වංගු දාලා, රිවස් කරලා, කචල් ගොඩයි නේ... ඒක නිසා අපි හැමෝටම ගෙදර ඇවිත් පුහුණු වීම් කරන්න කියල වෑන් අය්යා නිතර කිව්වා.. ඔය අතරෙ අපේ ගෙදර වාහනේ පොඩි යාන්ත්‍රික දෝශයක් ඇවිත් මගෙ පුහුණුවීම් චකබ්ලාස් වුණා... අන්තිමේදි අපිට ට්‍රයල් ළං වෙනකොට මට ඉස්සරහට විතරයි යන්න පුලුවන්... පස්සට යන්න බෑ!!! එ කිව්වෙ වංගු වලට රිවස් බෑ!!! දැන් මොකද කරන්නෙ.., රිවස් නැතුව පාස් කරන්නෙත් නෑ... ට්‍රයල් එකට කලින් දවසෙ වෑන් අය්යා කිව්වා, හෙට නම් ඔයාට රිවස් එකක් දුන්නොත් ඔයා ෆේල් වෙනවා කියලා... 




මම ඉතිං එදා ගෙදර ගියේ හොඳටම බය වෙලා... බොස් අය්යා නම් දිගින් දිගටම කිව්වා, බය වෙන්න එපා ඔයා පාස් වෙනවාමයි කියලා... නැතත් ඉතින්, පාස් නම් පාස්, ෆේල් නම් ෆේල්, කොයි දේ වෙන්නෙත් මිනිස්සුන්ටනෙ කිව්වා... මමත් ඉතින් හිත හදා ගත්ත වුනත්, දවසම නන්ස්ටොප් රිවස් එක ගැන කල්පනා කර කර ඉඳලා නිදා ගත්තා පහු වෙනිදා ගැන හරිම දෙගිඩියාවකින්... 

ඔන්න ඉතින් පහුවෙනිදා වාහනේට නැග්ගම මට හම්බුණා පළවෙනි චාන්ස් එක ඩ්‍රයිව් කරන්න.. බොස් අය්යත් හිටියා පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙලා... දැන් ඔන්න මම ගත්තා වාහනේ පාරට... යනවා යනවා... වේගෙන්, හිමින්, හැම විදියටම... ලොකු පිට්ටනියක් වගේ එකකට හැරෙව්වා... යන ගමන් ස්ලෝ කරලා රිවස් කලා.. (හිස් පිට්ටනියේ කොහෙ හැප්පෙන්නද?) තව තව දුර ගියා... පැය ගානක්... ඇති වෙනකන්, හොඳටම පුලුවන් වෙනකන් රිවස් කලා... අන්තිමට මටම තෙරුණා මට දැන් ඕන තැනක බය නැතුව යන්න හොඳටම ඩ්‍රයිවින් පුළුවන් කියලා... දැන් හිතට මාර හයියක් ආව වගේම මාර සතුටුයි මොකද හොඳටම ෂුවර් පාස් වුනා කියලා... වාහනේ හිමීට නවත්තලා බිමට පනිනකොට තමා දඩස් ගාල ගැස්සිලා ඇහැරුනේ... බලනකොට තාම ඇඳ උඩ... වෙලාව 6යි...

මට එකපාරටම මාර ෆිට් ගතියක් දැනුණා... ඒත් එක්කම මතක් වුණා රෑ නිදාගත්තෙ මොකක් හරි අප්සට් එකකින් කියලා... හිමින් සැරේ හිතලා බලනකොට තමයි මතක් වුනේ මගෙ රිවස් ප්‍රොබ්ලම් එක... ඒත් එක්කම මට දැනුණා දැන් හොඳට රිවස් පුළුවන්නෙ කියලා.. මොකද රැයක් එළි වෙනකන්ම රිවස් කලාම උදේ වෙනකොට ඕක බැරි වෙනවද?

ඉතිං ඔන්න එදා ට්‍රයල් එක අධි සාර්ථක වුණා... රිවස් කරද්දි පුරුද්දට වගේ හිත පොඩ්ඩක් අවුල් ගියත් ඉස්සරහ කණ්ණාඩියෙන් බොස් අය්යාවයි, වෑන් අය්යාවයි පෙනුණ නිසා වැඩේ ෂේප් වුණා... ගානට කැපිලා ඇති වුණාම මම තව කපන්න කලින් අර දෙන්නම පිටිපස්සෙ ඉඳන් මට ලාවට සිග්නල් එක දුන්නා පරීක්ෂකතුමාට පේන්නෙ නැති වෙන්න... ඔයින් මෙයින් අපි දෙන්නම පාස්...

බලන්න ඉතින් හීන වලින් කොච්චර ප්‍රයෝජන තියනවද කියල අපිට... හිහි හී...

6 comments:

  1. හීනෙන් ඉගෙන ගෙන පාස් උනා කියන්නේ ජබොස් මාර ම මාර ජබොසක් තමා හික් හික්

    ReplyDelete
  2. ඔය වැඩේ මටත් වෙලා තියනවා. කිව්වට පිළිගන්න එකක් නැහැ. මට විභාග වලට කලින් පේපර් එක හීනෙන් පේනවා !!! ඇත්තමයි. හැබැයි ඒක හැම වෙලාවෙම හරියන්නෙත් නැහැ.

    ReplyDelete
  3. බැරි වෙලාවත් රිවස් කරලා ඇණ ගත්තාම , කවුරුහරි ඇහුවොත් කියන්ඩ පුලුවන් හීනෙන් ලයිසන් ගත්තෙ කියලා.... :D
    මටත් මේවා වෙලා තියෙනවා.මම දවසක් රෑ හැප්පෙන වාහනේකින් එලියට පැන්නා. :(
    දඩාස් !!! ගෑවා :O
    බැලින්නම් ඒ ඇදේ බිත්තිය පැත්ත... :D * 10,000,000
    අම්මා අම්මා අයිස් කැටත් තිබ්බා මතකයි..

    බොස් ජබොස් දෙන්නටම සුබ පැතුම් . තාම මතකයි.

    බොස් ජබොස් දෙන්නටම සුබ පැතුම් . :)

    ReplyDelete
  4. හීනෙන් පේන ඒවා ඇත්ත වෙනවා නම් බැරියැ..... මම නම් දැක්කොත් දකින්නේ මොකක් හරි අංජබජල් හීනයක් තමා :)

    ReplyDelete
  5. මරේ මරු..මමනන් ඔක අරබන් ඉවරයි..:D

    ReplyDelete
  6. මරු කතාව.. ලනර්ස් එකට යන්න කලින්ම හීනෙ දෙක තුනක් දැක්කනං කෙලින්ම ට්‍රයල් එකටම යන්න තිබ්බා..

    ReplyDelete