Wednesday, June 16, 2010

ජබොස් ගේ ප්‍රථම ලියමන



අපොයි බලන්නකො මට වෙච්චි වැඩේ… අපේ බොස් කිව්වනෙ නේද ඉතින් වෙච්චි නස්පැත්තිය…

ලියන හුටපටයක් සේව් කරන්න කියල අතීතයේ පැරැන්නන් කිව්වෙ කට කහනවටෙයි…. :(

අපේ බොසා අයියා කිරිකැට් බලන්න ගිහින් නෙව… එතකන් මම ආවා මේ පැත්තෙ රවුමක් ගහල යන්න… හී…..! කිව්වත් වගේ බ්ලොග් එකක් හැදුවට මොනා ලියන්නද මන්දා….. ඒත් ඉතින් අපිටද බැරි ලියන්න… බොස් අය්යයි මායි ලිව්වොත් ඉතින්… දන්නැද්ද…. ආයෙ ඔයාල මේ පැත්ත පලාතෙ එන එකක් නැති වෙයිද දන්නෙ නැ… ලොලේ ලොල්ස්…..!

මේ…. බඩ්ඩක් අහන්නද…? මේ විදියට කපල් එකක් සෙට් වෙලා ලියන තවත් බ්ලොග්ස් තියෙනවද??? නැත්නම් මෙම රෝගී තත්වය පහල කරන එකම පික්සු ඩබල අපි දෙන්නද….!? ඌප්ස්!

වෙලාවකට බැලුවම ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්… අපි ජීවත් වෙන්න මේ ලෝකෙට එන්නෙ උපරිම අවුරුදු 80ක්, 90ක් විතර (සෙන්චරි දාලා කප් ගහලා යන අය ඇරුනම )… මේ ගෙවල්, පවුල, යාලුවො, හැම දේම ඒ ටික කාලෙ වෙනුවෙන් ලැබෙන තාවකාලික දේවල්… කොච්චර ප්‍රශ්න ආවත් ඒව හැම දෙයක්ම දිහා උපේක්ශාවෙන් බලලා හොඳින් විසඳගෙන සතුටින් ඉන්නවනම් ජීවිතේ කොච්චර ලස්සනද…..?

අපේ ජීවිත ලස්සන කරගන්න පුළුවන් අපිටම තමයි…

හරියටම බොස් ඇන්ඩ් ජබොස් වගේ… අපි දෙන්නට නම් නැව ගිළුනත් බෑන්ඩ් චූන්… හෙහෙ… හැබැයි අපි දෙන්නනම් මේ ආත්මෙට විතරක් හමු වෙච්ච දෙන්නෙක් නෙවෙයි… සීයට දෙසීයක් විශ්වාසයි ආත්ම ගානක බැඳීමක් කියලා… ඒක නම් අපි දෙන්න මුණ ගැහුනු හැටි…, ආදරේ කරපු හැටි දන්න කෙනෙක් අනුමත කරනවා…

අප්පේ අවුරුදු කීයක් බලන් හිටියද…

ඔහොම කිව්වම ඔයාලට හිතෙයි නේද අපි දෙන්නට හැට පැනලා, හොට බිම ඇනිලා කියලා… හිහි… අපොයි නෑ….! තාම හිරිමල් වයසෙනෙ! ලොල්!

-----------------------------------------------------------------------------------------------------------

අපොයි!!!!!!!! ඔක්කොම හබක්… මේකෙ උඩ ටික ටයිප් කලේ ඊයෙ රෑ… එහෙම්මම නින්ද ගියා… දැනුයි ඇහැරුනේ… පැය ගානක් නිකන් බොරුවට ජන්ජාලෙ තනියම වැඩ කරල… දැන් ඉතින් දත කට මැදගෙන වාශ්ප වෙන්න ඔනෙ!!! ආයෙ ඉක්මනට හම්බු වෙමු… ජබොස් කැපුනා… ටටා……!

8 comments:

  1. හරිම ආසවෙන් කියවන සයිට් එකක් වෙවි වගෙ.. මොකද

    "හැබැයි අපි දෙන්නනම් මේ ආත්මෙට විතරක් හමු වෙච්ච දෙන්නෙක් නෙවෙයි… සීයට දෙසීයක් විශ්වාසයි ආත්ම ගානක බැඳීමක් කියලා… ඒක නම් අපි දෙන්න මුණ ගැහුනු හැටි…, ආදරේ කරපු හැටි දන්න කෙනෙක් අනුමත කරනවා…"

    මෙ දෙ මගෙ ජිවිතෙ කොටසක්.. මෙය මමත් විස්වාස කරනවා.. මගෙත් ඇදහීමක්..

    ReplyDelete
  2. මට අමතක වුණා, මෙ ආදරය, මෙ සෙනෙහස, මෙ සොඳුරු බව, මෙ නැවුම් බව, අන්තිම මොහොත දක්වාම එකිනෙකා තුල , එකිනෙකා කෙරෙහි පවතීවායි මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  3. @ රවා - ස්තුතියි අයියේ සුභ පැතුවට! හරිම සතුටුයි අයියත් ආදරේ ගැන අපි විදියටම හිතනවට.

    අයියාගේ ප්‍රාර්ථනාවටත් ගොඩාක් ස්තුතියි!

    ReplyDelete
  4. අපිටත් දැනගන්න හමු වුන හැටි කිව්වානම් හොදයි නේද?

    ReplyDelete
  5. @ හසී - ම්..ම්... යාළුවන්ගේ ඉල්ලීම් අහක දාන්නේ නෑ මම.අනිවාර්යයෙන්ම ලියනවා.

    ReplyDelete
  6. @ හසී - අනිවා! අපි හිමීට ඒක ලියන්නම්කෝ...

    ReplyDelete
  7. ඇයි විශ්මි අක්කයි, රේවන් (කට්ටිය කියන්නේ මහ කපුට කියල...) අයියයි ඉන්නව....... මේ දවස් වල නම් පේන්න නෑ.........

    බොස් ජබොස් දෙන්නගෙ සංසාරගත් බැදීමත් කියමුකෝ......

    සමාවෙන්න හා පැටික්කි ඉතින් පමා වෙලා පනින තැනුත් එමටයි........

    ReplyDelete
  8. @ හා පැටික්කි (MS) - ඉක්මනටම කියන්නම්

    ReplyDelete