Saturday, June 19, 2010

පිස්සංගේ පිස්සු විකාර - 01

පිස්සන්ගේ කතා සීරිස් එක අහලා තියෙද කශ්ටිය?

ඔව් නේ!!

ඒ වුණාට ජංජාලේ බ්ලොග් එකකවත් ඔය ටික පිලිවෙලකට ලියලා තියෙනවා මමනං දැක්කේ නෑ.ඒ නිසා ඔන්න මම හෙවත් බොසා පටං ගන්නයි යන්නේ "පිස්සංගේ පිස්සු විකාර" සීරිස් එක.

( අප්පුඩියක්වත් ගහන්නකෝ අනේ නිකංම බලං ඉන්නේ!! :-( )

පිස්සා සහ අඹ පළුව

ඔන්න දවසක පිස්සන්කොටුවේ පිස්සෙක් ඉන්නවලු මුල්ලකට වෙලා මොනවදෝ කර කර.ලෙඩ්ඩු බලන වෙලාව කිට්ටු නිසා පිස්සු දොස්තර

( පිස්සු දොස්තර කිව්වේ එයාට පිස්සු නිසා නෙවෙයි,පිස්සන්ගේ පිස්සු හොඳකරන දොස්තරට අපි කියන්නේ එහෙමනේ.ඒකයි )

යනවලු මේ කිට්ටුවෙන්.ඔන්න දොස්තර දැක්කලු පිස්සව.පිස්සා දැක්කලු දොස්තරව.පිස්සා දොස්තරව දැකපු ගමං ඔළුව එහෙම කරකෝලා බලලා ( අර කුළප්පු වෙච්ච හරක් කරනවා වගේ ) ,

ඔන්න දුවගෙන එන්න පටං ගත්තලු දොස්තර දිහාට.ඒ මදිවට මිනිහගේ අතේ උල් පිහියකුත් තියෙනවලු!!


මේක දැකපු දොස්තරයා හොඳටම බයවෙලා පණ එපා!!! කියාගෙන දුවන්න පටං ගත්තලු!!

ඇයි ඉතිං පිස්සු තදවෙච්ච අමු පිස්සෙක්,පිහියකුත් අරං දුවගෙන එන්නේ ආදරේට නෙවෙයිනේ!!!

ඔන්න දැන් දොස්තරයා බයවෙච්ච පාර දුවගෙන දුවගෙන යන්නේ තට්ටු බිල්ඩිමේ උඩහටලු.අන්තිමට මේ අසරණ දොස්තරට උඩම තට්ටුවට ගිහින් ,එතනින් එහාට යන්න තැනක් නැතුව බයේ ගැහි ගැහි ඉන්නවලු.

ඔන්න අපේ පිස්සු ඩයල් එකත් මොහොතකින් ආවලු දොස්තර ගාවට.

දැන් දොස්තර හොඳටෝම බයවෙලා!!

දොස්තර ලඟටම ආපු අපේ පිස්සු පොර , සාක්කුවෙන් මොකක්දෝ ගන්න අත දැම්මලු මෑන්ස්ගේ සාක්කුවට.

අපේ දොස්තර හිතුවලු තවත් පිහියක් තමයි!මූ මාව ඇනලා ඇනලා මරල දාන්න තමයි මේ සූදානම කියලා , බයටම ඇස් දෙකත් පියාගත්තලු.

අනේ ඉතිං අපේ පිස්සු පොර කියනවලු "දොස්තර මාත්තයට අඹ පළුවක් දෙන්න තියෙන අමාරුවක්!!කොහෙද ඉතිං මාව දැක්ක ගමං පිස්සෙක් වගේ දුවන්න පටං ගත්තනේ" කියලා.

ඒක අහපු දොස්තරයා ඇස් ඇරලා බැලුවලු!

අනේ අනිච්චං!!අපේ පිස්සු බුවා හෝ ගාලා සාක්කුවෙන් ගත්තු අඹ ගෙඩිය ලෙලිඅරිනවලු , දොස්තරට අඹ කෑල්ලක් දෙන්න!!

 
තව කතා තියෙනවා.ඒවා ඉස්සරාට.මට මහන්සියි , මම යනවා.ටටා බායි!!

10 comments:

  1. අහලා තියෙනවා කථාව. ඒත් අයෙමත් රසවින්දා

    ReplyDelete
  2. දෙන්න හොදට ලියනවා....

    මුලින්ම ජබොස් අහල තිබුනෙ... මේ විදියට ලියන එකම කපල් එක මේකද කියල...
    මම දන්න විදියට නම් ඔව් මගෙ හිතේ...
    (මම වැරදිනම් කවුරු හෝ නිවරදි කරත්වා... :) )

    ආත්ම ගානක් පතාගෙන ආපු බවත් පේනවා... lolzzz

    මගෙනුත් සුබ පැතුම්...!!!

    ReplyDelete
  3. @ All - බොහෝම ස්තුතියි හැමෝටම යාළුවනේ!

    @ සුලඟ - ඔන්න එහෙනම් බොසුයි ජබොසුයි වාර්තාවක් තිබ්බා වැඩේ පටං ගත්තු ගමන්.

    ස්තුතියි සුබ පැතුවාට.

    ReplyDelete
  4. @ සුලඟ
    කට්ටියට විශ්මි අක්කවයි රේවන් අයියවයි අමතක වෙන්න විදියක් නෑ මයේ හිතේ........

    ReplyDelete
  5. :) :) :)
    අපි නොදන්න ලයිව් එකේ මේ කතාව පෙන්නුවා මට මතක විදිහට

    ReplyDelete
  6. @ හා පැටික්කි (MS) - එහෙනං අපි second ඕං!

    @ Hasitha - අනේ මන්දා.තව ටිකක් තියෙනවා ඔය වගේ කතා,ඒවත් දාන්නම්කෝ!

    ReplyDelete
  7. හා පැටික්කි හරි .. හ්ම්ම්ම් ඔයාල second ඒකට මක්වෙනවද ලියන්නකෝ
    මගේ සුභ පැතුම්...!!!

    ReplyDelete